ඖෂධ ප්‍රමිතිය බලන්න විද්‍යාගාරයක් පිහිටුවන්න -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

120

මෙරටට ගෙන්වනු ලබන ඖෂධවල තත්ත්ව පරීක්‍ෂා කිරීමට ජාතික ඖෂධ නියාමන විද්‍යාගාරයක් පිහිටුවීමට රජය වහා අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රටට ගෙන්වන ඖෂධ පරීක්‍ෂා කිරීමට විද්‍යාගාරයක් නොමැතිවීම නිසා බාල ඖෂධ සමාජගතවී ඒවා භාවිත කරන අය අවදානමට ලක් වෙමින් තිබෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (06දා) පැවසීය.

රටට ගෙන එන ඖෂධවල ගුණාත්මක භාවය හා නුසුදුසු භාවය පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය වගවිය යුතු වූවත් එවැන්නක් සිදුනොවීමෙන් නිරන්තරයෙන් රෝගී ජීවිත අවදානමට ලක්වෙමින් පවතින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment