රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්වෙයි

565

කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත. අනතුරින් තුවාල ලැබූ සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා සහ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබති.රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්වෙයි
advertistmentadvertistment
advertistmentadvertistment