අනියම් පෙමට ලොල්වී සැමියා මරන්න හැදූ බිරිදක් සහ මිතුරෙක්

389


තම හොදම මිතුරාගේ බිරිද සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු එම ඇසුර සිතුසේ සුවය විදීමට අනියම් බිරිද සමග සම්බන්ධ වී මිතුරා ඝාතනය කිරීම සදහා රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත.ඒ සම්බන්ධයෙන් එම ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමිමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිද හා මෙම සිද්ධියේ මිනි මැරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකි.
සත්ව ගොවිපලක් සහ ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන ගොවියකුගේ බිරිද සමග රහසේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය ඔහුගේ හොදම මිතුරා විසින් මෙම ඝාතනය සිදු කර ඉන් පසුව ඔවුන් දෙදෙනා එකට දිවි ගෙවිමට සැලසුම් කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සත්ව ගොවිපල පවත්වාගෙන යන අයගේ බිරිද වැලිමඩ පදිංචි කාරියකි. ඇයගේ දෙවන විවාහය ලෙස මෙම තැනැත්තා සමග විවාහ වි ඇති බව සදහන්වේ.
ඔහු සමග එකට ජීවත් වෙමින් සිටියදී මෙම කාන්තාව හොර රහසේ තම සැමියාගේ මිතුරා සමග අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇත.
මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මව්පියන් බැලිමට යන ලෙස ගොස් සිටියදී අදාල තැනැත්තා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
ඒ අනුව මෙම කාන්තාව දරුවන් සමග වැලිමඩ ගොස් සිටියදී අනියම් සැමියා විසින් කලින් සැලසුම් කළ ආකාරයට මිගමුවේ පදිංචි කුලි මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරෝන්දු වී සත්ව ගොවිපල පවත්වාගෙන යන අය මරා දැමිමට සැලසුම් කර ඇත.
එම සැලසුම අනුව මෙම කුලි මිනිමරුවන් පසුගිය 22වැනිදා රාත්‍රියේ කිසිවකුටත් සැක නොසිතන ලෙස ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට ඇතුල් වී තිබේ.
එසේ නිවසට ඇතුල් වු කුලි මිනිමරුවන් සමග ප්‍රධාන සැකකරුද මෙම නිවසට ඇතුල් වී ඇත. ඒ වන විටත් තද නින්දේ සිටි මිතුරා නිදා සිටි ඇද අසලට ගොස් ඔහුගේ ගෙල කැපිමට ප්‍රධාන සැකකරු කුලි කොන්ත්‍රාත්කරුවන්ට හැකිවන ලෙස ගෙල තදින් අල්ලාගෙ ඇති බවද පරික්ෂණ වලදි සනාථ වි තිබේ.
කෙසේ නමුත් නිදා සිටි ගොවියාගේ ගෙලට එල්ල වු කඩු පහර වැරදි ගොස් කුලී මිනිමරන්නකුගේ දකුණු අතටද එල්ල වී ඇත.
එම කඩු පහරෙන් කුලී ඝාතකයාගේ ඇගිලි සියල්ලම කැපී ගොස් දරුණු තුවාල සිදුව ඉන් පසුව ගොවියාගෙ ගෙලට කඩු පහර වැදී තිබේ.
මෙම අවස්ථාවේ ගොවියා මහා විලාප තබමින් කෑගසා ඇත. ඒ වන විටත් නිවසේ අනෙක් කාමරයක නිදා සිටි පෙර දින රාත්‍රියේ හදිසියේ පැමිණ සිටි ඥාතියකුට ඇසීසි ඔහුද එකවර නින්දෙන් අවදී විමත් සමග මෙම කුලි මිනිමරන්නන් හා ප්‍රධාන සැකකරු පලා ගොස් තිබේ.
පසුව අසල්වාසින් නිවසට පැමිණ දරුණු තුවාල ලබා සිටි ගොවියා කඩිනමින් ආණමඩුව රෝහලට රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබා දී ආණමඩුව රෝහලින් හලාවත මහ රෝහලට යවා ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිමට කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment