මැදපෙරදිග යුද්ධයත් සමග ලංකාවේ ඩීසල් බෙදාහැරීම නියාමනයට රජයේ අවධානය

144

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට පුරා කර්මාන්ත ශාලා සහ සමාගම් වෙත ඩීසල් බෙදාහැරීම නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන දැනුම් දීම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ඉන්දීය ඔයිල් සමාගමට ලිඛිතව යොමු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.කෙසේ වෙතත් සයිනොපෙක් සමාගමට එවැනි දැනුම් දීමක් ඊයේ වන තුරුත් සිදු කර නැතැයි ඛනිජතෙල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

ඉකුත් සමයේ ඇතිවූ ඉන්ධන හිඟයත් සමඟ ඉන්ධන බෙදාහැරීමේදී හඳුන්වා දුන් කිව් ආර් ක්‍රමය නව මුහුණුවරක් යටතේ නැවත ඇති කිරීමටද රජයේ අවධානය යොමුවී ඇත.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ජනතාව පීඩාවට පත් නොවන අයුරින් ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම රජයේ අරමුණ වී තිබේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment