ඔන්ලයින් මැණික් බිස්නස් ඇරැඹෙයි

237

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීම ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දිගු ඉතිහාසයක් ඇති මෙරට මැණික් වෙළෙඳාමෙන් ලැබෙන අපනයන ආදායම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්‍ෂව ඉහළ නංවා ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් තවදුරටත් අපනයන ක්‍ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. මේ අනුව මෙරට ඕනෑම තැපැල් කාර්යාලයක් හරහා මූලික රේගු අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට එම ක්‍ෂේත්‍රයේ නියැළී සිටින ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ. කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment