රැඳවියෝ 7ක් අද සා. පෙළ ලියති

48

අද (06දා) ආරම්භ වන සාමාන්‍ය පෙළ (2023) විභාගය සඳහා බන්ධනාගාර රැඳවියෝ 07 දෙනෙක් පෙනී සිටිති.

වටරැක සුනීත රැඳවුම් මධ්‍යස්ථානයේ 06ක් සහ මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු මෙසේ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවැසීය.

මැගසින් බන්ධනාගාරයේ රැඳවියා අධිකරණ නියෝගය මත බන්ධනාගාරයෙන් පිටත විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටින බවද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment