ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් විදේශිකයෝ 200ක් මරුට

326

ශ්‍රී ලාංකිකයෝ දෙදෙනකුත් ඒ අතර

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළුව රටවල් තිස්හයකට අයත් විදේශිකයන් දෙසීයකට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලයේ පිහිටි විවිධ රටවල තානාපති කාර්යාල හා විදේශ අමාත්‍යාංශ මගින් මේ බව තහවුරු කර ඇත.

අදාළ රටවල් තිස්හය අතර ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, රුසියාව, ප්‍රංශය, යුක්රේනය, ජර්මනිය, ඉතාලිය, බ්‍රසීලය, අයර්ලන්තය, චිලී රාජ්‍යය, නේපාලය, කාම්බෝජය, පිලිපීනය, ටැන්සානියාව, ඔස්ට්‍රියාව ආදී රාජ්‍යයන් ද වේ.

මියගිය පිරිසට අමතරව තවත් සිය ගණනක පිරිසක් අතුරුදන්ව සිටින බව ද එම රටවල් නිවේදනය කර තිබේ.

ඇමෙරිකානු පුරවැසියන් 11, තායිලන්ත ජාතිකයන් 18 ක්, නේපාල වැසියන් 10 ක්, ප්‍රංශ ජාතිකයන් 8 ක්, ආර්ජන්ටිනා වැසියන් 07 ක්, රුසියානුවන් 4 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 2 ක්, යුක්‍රේන ජාතිකයන් 02 ක් මෙහිදී මරණයට පත්ව ඇතැයි ද සඳහන් වේ.

මියගිය පිරිසට අමතරව තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් ත්‍රස්තවාදීන් රඳවාගෙන සිටින බව ද එම රටවල් සඳහන් කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment