බර ඉසිලීමේ ඔලිම්පික් වාර්තා අලූත් වෙයි

234

ජපානයේ ටෝකියෝ අගනුවරදී දැන් ක‍්‍රියාත්මක ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි බර ඉසිලීමේ තරගාවලිය ආශ‍්‍රිතව නව ඔලිම්පික් තරග වාර්තා බිහි කිරීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනකු සමත්ව සිටිති.

පිරිමි කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පන්තියේ රන් පදක්කම්ලාභී ‘‘ලී ෆෙබියන්’’ (චීනය* ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට (කිලෝ ග‍්‍රෑම් 172* සහ මුළු බර එකතුව (කිලෝ ග‍්‍රෑම් 313* වෙනුවෙන් නව ඔලිම්පික් වාර්තා බිහි කළ අතර කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තියේ රන් පදක්කම් ලාභී ‘‘චෙන් ලීජූන්’’ (චීනය* නව ඔලිම්පික් තරග වාර්තා 02 ක් බිහි කරමින් කැපී පෙනුණි. එයද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට (කිලෝ ග‍්‍රෑම් 187* සහ මුළු බර එකතුව (කිලෝ ග‍්‍රෑම් 332) වෙනුවෙනි.

Bara

කිලෝ ග‍්‍රෑම් 339 ක් වන මුළු බර එකතුව සඳහා වන කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු ලෝක වාර්තාවට ‘‘චෙන් ලීජූන්’’ හිමිකම් කියන අතර ක්ලීන් ඇන්ඞ් ජර්ක් මෙන්ම මුළු බර එකතුව සඳහා වන කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු ලෝක වාර්තා ‘‘ලී ෆෙබියන්’’ නමින් පවතී.

මීට අමතරව කාන්තා අංශය යටතේ කැපී පෙනුණු චීනයේ ‘‘හූ ෂීහූයි’’ නව ඔලිම්පික් තරග වාර්තා ත‍්‍රිත්වයක් බිහි කිරීමට සමත්වූවාය. ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 94 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 116 ක් ද මුළු බර එකතුව ලෙස කිලෝ ග‍්‍රෑම් 210 ක් ද ඔසවමින් අදාළ නව වාර්තා බිහි කිරීමට ඇයට හැකි විය.

ස්නැච් සහ මුළු බර එකතුව යන දෙඅංශයෙන්ම ලෝක වාර්තාවට හිමිකම් කියන චීන ක‍්‍රීඩිකාව මෙවර රන් පදක්කම දිනා ගන්නා අතර වාරයේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉන්දියාවේ ‘‘රා බායි චානු සායිකොම්’’ හට මෙවර රිදී පදක්කමෙන් සෑහීමට පත් වන්නට සිදු වූවාය.

ඉන්දියානු ඉතිහාසයේ ඔලිම්පික් පදක්කම් ලාභී දෙවන ක‍්‍රීඩිකාව බවට පත්වන්නට ඒ අනුව ඇයට හැකි වීම කැපී පෙනුණි.

එහි ලෝකඩ පදක්කම ඉන්දුනීසියානු ක‍්‍රීඩිකා ‘‘එයිසා වින්ඞී කාන්ටීකා’’ හට හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment