ශ්‍රී ලංකා රග්බි සෙවන්ස් 10 වැනි තැනට එයි

141

ආසියානු ක්‍රීඩා තරගාවලියේ රග්බි තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා රග්බි සෙවන්ස් කණ්ඩායම එහි 10 වැනි ස්ථානයට පත් වීමට ඊයේ (26 වැනිදා) සමත් විය. මූලික වටය යටතේ පැවැති තරගවලින් දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායමට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම 9 සිට 13 වැනි ස්ථාන දක්වා අදියර යටතේ තරග වැදුණි.

එහිදී ඊයේ නේපාලයට එරෙහිව ලකුණු 68-00 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. එහෙත් තායිලන්තය හමුවේ 10-07 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. පෙරේදා පැවැති ඇෆ්ගනිස්තානය සහ පිලිපීනය ට එරෙහිව තරග ජය ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. 9 සිට 13 ස්ථාන දක්වා අදියර යටතේ කණ්ඩායම් 5 ක් තරග වැදුණි.

advertistmentadvertistment
advertistmentadvertistment