පෝට් සිටි ‘කොළඹ ආර්ථික කලාපය’ ලෙස වෙනස් කරනවා – ජනපති පවසයි

197

කොළඹ වරාය නගරය ‘කොළඹ ආර්ථික කලාප’ය ලෙස වෙනස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහිතව මෙය සිදු කරන බවත් ඊට අදාළ නීති සම්පාදන කටයුතු සිදුකරගෙන යන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (26දා) පැවති වාණිජ බේරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

‘අපට ඕන ලංකාව ආර්ථික මධ්‍යස්ථානයක් කරන්න. ඒකට අවශ්‍ය රෙගුලාසි සකස් කරනවා. ඒ වගේම කොළඹ වරාය නගරය, කොළඹ ආර්ථික කලාපය ලෙස වෙනස් කරනවා. ඒකට අදාළ නීති සම්පාදන කටයුතු කරගෙන යනවා. එය විදෙස් සමාගමක් සමග එක්වයි සිදුකරන්නේ. මේ වසර අවසන් වීමට පෙර එය නිමවීමට නියමිතයි. ආයෝජන ප්‍රවර්ධන කලාපයත් ආර්ථික කොමිසමක් ලෙස වෙනස් කරනවා යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment