අද නිදහස් උළෙලට කාදිනල්තුමා යන්නේ නැතිලූ : දිව්‍ය පූජාවත් නතර කරයි

147

74 වැනි නිදහස් උත්සවය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී අද (04දා) පැවැත්වෙන ජාතික නිදහස් උළෙලට සහභාගි නොවීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා තීරණය කර ඇත.

එසේම නිදහස් දිනය වෙනුවෙන් සිදු කරන දිව්‍ය පූජාව ද නතර කිරීමට පියවර ගෙන තිබේ.

බොරැුල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශන ගැන සෑහීමකට පත්විය නොහැකි නිසා කාදිනල්තුමා මෙම තීරණය ගෙන ඇතැයි කොළඹ අගරදගුරු මැදුරේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ඊයේ (03දා) එහි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සිරිල් ගාමිණී පියතුමා නිදහස් දින දිව්‍ය පූජාව පවත්වන්නේ බොරැුල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බැවින් මෙවැනි තත්ත්වයක් හමුවේ එම පූජාව එම දේවස්ථානයේ පැවැත්විය නොහැකි බවට කාදිනල්තුමා තීරණය කර ඇතැයිද සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment