සීනි බද්ද අඩු කිරීමට එරෙහි හඳුන්නෙත්තිගේ පෙත්සම සලකා බැලීම කල්යයි

114

රුපියල් 50 ක්ව තිබූ සීනි බද්ද ශත 25 දක්වා අඩුකර මෙරටට සීනි ආනයනය කිරීම නිසා රජයට අහිමිවූ රුපියල් කෝටි 1595 කට අධික බදු මුදල වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම වගඋත්තරකාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙනී නොසිටීම නිසා ලබන මැයි 6 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (9 දා) නියෝග කළේය.

විල්මාර් පිමේඩ් සමාගම, සජාන් මූසින් ඇතුළු 12 දෙනකු වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සම එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (9 දා) කැඳවිණි. වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පෞද්ගලික අපහසුතාවයක් මත අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් එම පෙත්සම සලකා බැලීම කල් තබන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළ කනිෂ්ඨ නීතිඥවරයකු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිඥ සුනිල් වටගල මහතා සමග ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment