සියලු ෂෙඩ්වලින් අඩුවක් නැතිව තෙල් ගහන්න පුළුවන්

169

ඇමැති කංචනගෙන් ට්විටර් සටහනක්

දිවයින පුරා පිහිටි සියලු ඉන්ධනහල්වලින් හිඟයකින් තොරව ඉන්ධන ලබාගත හැකි යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

මේ වන විට දෛනික ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් දිවයිනේ සියලු ඉන්ධනහල්වල හිඟයකින් තොරව ඉන්ධන තොග පවතින බවත් ට්විටර් සටහනක් තබමින් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය දින 10 තුළ ඉන්ධන ඇණවුම් සහ බෙදාහැරීම් සිදුකළ ආකාරය පිළිබඳව ද වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා කටයුතු කර තිබේ. ඉන්ධන බෙදාහැරීම මේ වන විටත් ූඍ ක්‍රමයට සිදුකරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment