බිත්තර මිලියන 15 ක් ඉන්දියාවෙන් ඇණවුම් කළා – එස්ටීසී සභාපති

55

ඉන්දියාවෙන් බිත්තර මිලියන 15 ක් ලබාගැනීමට ඇණවුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (28 දා) පැවසීය.

මින් බිත්තර මිලියන 05 ක් හෙට (30 දා) වන විට කොළඹ වරායට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඒ මහතා කීය. රතු මුහුදේ මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජන හේතුවෙන් බොහෝ රටවල් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පෙළඹීම නිසා පසුගිය දිනවල බිත්තර ආනයනය කිරීමේ අපහසුතාවක් පැවති බවද වලිසුන්දර මහතා කීය.

ආනයනය කරන බිත්තර සතොස හරහා අලෙවි කරන බව කී ඒ මහතා බිත්තරයක මිල රුපියල් 43 ක් බවද පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment