නිල විදේශ සංචිත ඩොලර් බිලියන 4.4 ට නගී

173

මේ වසර (2024) මුල වන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.

මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම සහ ජාත්‍යන්තර බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ලද මූල්‍ය පහසුකම් මගින් දළ නිල සංචිත ප්‍රමාණය ශක්තිමත්ව ඉහළ නංවා ගැනීමට සහාය වූ බව මහ බැංකුව පවසයි. මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වේ. එය තවමත් චීන මහජන බැංකුවෙන් පනවා ඇති කොන්දේසි හේතුවෙන් භාවිත කළ නොහැකි වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment