2024 දින කීපය තුළ හදිසි අනතුරු හා විදුලි රැහැන්වල පැටලී 20 වැනි අලියාත් මියයයි

137

මැදවච්චිය මහදිවුල්වැව වෙල් යායේදී වන අලියකු අනවසර විදුලි රැහැනක ගැටී 27 දා මියගොස් තිබේ.

වයස අවුරුදු 8 ක් පමණ වන මෙම වන අලියා කුඹුර මැදින් ගමන් කරමින් සිටියදී ගොවියකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එම ස්ථානයේම මියගොස් ඇති බව අනුරාධපුර වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

සිද්ධිය සැලවූ වහාම වනජීවී නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වනජීවී නිලධාරීන් හා මැදවච්චිය පොලිසිය කුඹුරට අනවසරයෙන් විදුලිය ලබාගෙන වන අලියකු මියයෑමට සැලැස්වූ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

රජරට පාරිසරික සංවිධාන පෙන්වා දෙන්නේ 2024 ගත වූ දින කීපය ඇතුළත හදිසි අනතුරු හා මෙවැනි විදුලි රැහැන්වල පැටලීම නිසා මියගිය 20 වෙනි වන අලියා මෙම වන අලියා බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment