මතුගම අම්මාට 92 යි කොරෝනා සුවයි

554

කොවිඞ් 19 වෛරසය වැළදී අගලවත්ත පිඹුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 92ක කාන්තාවක් සුවය ලබා නිවසට පිටව ගිය බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය, පමිලා නිශාන්ති මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

 මෙම කාන්තාව මෙම මස 08 වැනිදා කොවිඞ් 19 වෛරසය ආසාදනය වී පිඹුර මූූලික රෝහලට ඇතුළත් කළ බවත් ඇය රෝගය සුවවී පෙරේදා (16වැනිදා* යළි නිවස බලා ගිය බවත් වෛද්‍ය පමිලා නිශාන්ති මහත්මිය කියා සිටියාය.

 රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙදියන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය

 රෝගීන් සුවපත් කිරීම සදහා විශාල කැපවීමකින් කටයුතු කරන බවත් වෛරසය ආසාදනය වී රෝහලට ඇතුළත් කරන බොහෝ වයස්ගත අය මෙලෙස සුවය ලබා නිවෙස්වලට යන බවත් වෛද්‍යවරිය කියා සිටියාය.

 මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත්තේ වයස අවුරුදු 92ක් පමණ වන මතුගම, පාන්තිය ප‍්‍රදේශයේ පදිංචි දයාවතී වික‍්‍රමආරච්චි නමැති කාන්තාවකි.

 ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment