බිහිසුණු ප‍්‍රභේද 3ක් අලුතින් ඇවිල්ලා

328

දැනට රට තුළ ව්‍යාප්තව යන ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදයේ තවත් විකෘති ප‍්‍රභේද තුනක් ඇති බව මේ වනවිට පර්යේෂණ මගින් සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) පැවැසීය.

 ඒ අනුව මේ වනවිට පර්යේෂකයන් විසින් ලංකාවේ පැතිරෙන ඩෙල්ටා වෛරසයේ එස්.ඒ. 122 වී, එස්.ඒ. 701 සහ එස්.ඒ. 1078 එස්. නමින් හැඳින්වෙන නව විකෘති තුනක් පිළිබඳ දැනුවත්වී ඇති බවද ඇමැතිවරයා කීය.

 කොවිඞ් රෝගී තත්ත්වය පැතිර යෑමට එම ප‍්‍රභේද බලපෑමක් වන්නට ඉඩ තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

 දැන් පැතිර යන ඩෙල්ටා ප‍්‍රභේදය පෙර තිබූ වෛරස් ප‍්‍රභේදයන්ට වඩා වේගයෙන් පැතිරෙන රෝග ලක්‍ෂණ ඉහළ ප‍්‍රමිතියක් මතුකරන, ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඉහළ දමන ආකාරයේ ප‍්‍රභේදයක් බවද හෙතෙම කීය.

 එන්නත්කරණය මගින් ජනතාව ආරක්‍ෂා කිරීමට උත්සාහ කළ අතර මේ වනවිට සමස්ත ව්‍යසනයෙන් සියයට 54 කට කුමන හෝ කොවිඞ් මර්දන එන්නතක් ලබාදී ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

 ඩෙල්ටා ප‍්‍රභේදය පැතිර යෑම ගැන වෛi විශේෂඥයන් දැනුවත් කළේ පසුගිය ජුනි 15 සහ 18 අතර කාලයේදී බව පැවසූ ඒ මහතා ඒ දිනවලම උද්ඝෝෂණ රැුල්ලක් ඇති කොට ජනතාව පාරට බැස්සවීම කනගාටුවට කරුණක් බවද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment