හෙක්ටයාරයකින් කිලෝ 3207 ක් රසායනික පොහොර නිසා වී අටුව සරුවෙයි

144

යූරියා ඇතුළු රසායනික පොහොර භාවිත කිරීම නිසා පසුගිය යල කන්නයේ වී අස්වැන්න ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2022 යල කන්නයේ දී හෙක්ටයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් ලැබී ඇතැයි සඳහන් ය.

2021 වසරේ දී රසායනික පොහොර තහනම සහ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා එම මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලැබී ඇති වී අස්වැන්න වී කිලෝග්‍රෑම් 2853ක් දක්වා අඩු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එසේ ම ගොවීනට යූරියා පොහොර ලබාදීමට රජය පියවර ගැනීමත් සමග පසුගිය යල කන්නයේ දී කුඹුරු ඉඩම් හෙක්ටයාර් 512,000ක වගා කටයුතු සිදුකර ඇත.

මෙය වසර 10කට පසු යල කන්නයේ දී මෙරට වගා කළ වැඩිම කුඹුරු ඉඩම් ප්‍රමාණය බවට ද පත්ව තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment