රග්බි කණ්ඩායම පළමු තරග දෙක පරදී

229

ශ්‍රී ලංකා රග්බි 7 කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ “බී” කාණ්ඩය යටතේ ඊයේ (24 වැනිදා) චීන තායිපේ කණ්ඩායම සහ දකුණු කොරියා කණ්ඩායම හමුවේ තරග වැදුණු අතර එහිදී තරග දෙකම 22-7 ලෙසින් පරාජයට පත්විය.

ජාත්‍යන්තර තහනමක් ශ්‍රී ලංකා රග්බි වෙත පනවා ඇති හෙයින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙවර ආසියානු තරගාවලිය සඳහා ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග වැදුණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 9-13 දක්වා ස්ථාන සඳහා අද තරග (25 වැනිදා) වැදීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment