ඔන්ලයින් තාක්ෂණයට වඩා පාසල් විවෘත කිරීම වැදගත්

406

HTML clipboard

‘‘ඔන්ලයින්’’ තාක්‍ෂණ ක‍්‍රමය යොදාගෙන පාසල් අධ්‍යාපනය හැදෑරීම තවදුරටත් සිදුකිරීමට අවශ්‍ය නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඔන්ලයින් තාක්‍ෂණ ක‍්‍රමවේදය නිසා සමහර දරුවෝ ඉන් නිසි ප‍්‍රයෝජනය නොගන්නා බවද කාදිනල්තුමා සඳහන් කළේය. තාක්‍ෂණය කොපමණ දියුණු වුවත් සමහර දරුවෝ තාක්‍ෂණය යොදාගෙන නොමග යන කි‍්‍රයාමාර්ග පවා අනුගමනය කළ හැකි යැයිද කී කාදිනල්තුමා ‘කොරෝනා’ වසංගත තත්ත්වය නිසා පාසල් විවෘත නොවූ නමුත් ලබන අගෝස්තු මාසයේදී පාසල් යළි විවෘත කිරීමට තීරණය කිරීම පිළිබඳව සතුටු වන බවද පැවසීය.

පාසල් විවෘත වූ පසු දරුවන්ට අධ්‍යාපන කටයුතු නිසි ආකාරයට සිදුකරගැනීමේ පසුතලයක් නිර්මාණය විය හැකි බවද ‘‘කොරෝනා’’ වසංගත තත්ත්වයෙන් බේරී සිටීමට අපි කොයි කවුරුත් සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපැදිය යුතු බවද එතුමා සඳහන් කළේය. මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ කාදිනල් හිමියෝ මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන කොමිසමේ දී හෙළි වූ තොරතුරු අනුව නියම සැකකරුවෝ මහ මොළකරුවෝ නීතියේ රැුහැනට කොටුකරගැනීම සඳහා වගකිවයුතු පාර්ශ්ව නිසිලෙස කි‍්‍රයාකරාවි යැයි විශ්වාස කරන බවද කීය.

advertistmentadvertistment
advertistmentadvertistment