ඇන්ඩෲ ඇක්වා ලයිට් ලෙසින් යළි සිනමා ලෝලීන්ට…

132

හැත්තෑව අසූව දශකයේ මීගමුවේ පිහිටි ජනප්‍රිය සිනමාශාලාවක් වූ ඇන්ඩෲ සිනමාශාලාව පසුගියදා Aqua ලයිට් නමින් යළි ආරම්භ කරන ලදී. ලංකාව පුරා විහිදී ඇති ලයිට් සිනමාශාලා හිමි අනුර ජසෙන්තුලියන මහතාගේ සංකල්පයකට අනුව මෙම සිනමා ශාලාව ආරම්භ කරන ලදී. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් මෙම සිනමාශාලාව විවෘත කළ අතර මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු, චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය, අමන්ද්‍යා උත්පලී, බුද්ධික ජයරත්න, අර්ජුන කමලනාත් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි විය. ගංගා ජසෙන්තුලියන, පාලිත පෙරේරා, විමලදාස යන මහත්ම මහත්මීහු Aqua ලයිට් සිනමාශාලාව ආරම්භ කිරීමේ කටයුතු සංවිධානය කර තිබිණි. සුවපහසු ආසන හා වායු සමීකරණය කර ඇති මෙම සිනමාශාලාව තුළ ආසන 200 කට අධික ප්‍රමාණයක් ඇති අතර නවීනතම පහසුකම්වලින් සමන්විත සිනමාශාලාවක් බවට පත්කර තිබේ.

ඇන්ඩෲ ඇක්වා ලයිට් ලෙසින් යළි සිනමා ලෝලීන්ට…
ඇන්ඩෲ ඇක්වා ලයිට් ලෙසින් යළි සිනමා ලෝලීන්ට…
ඇන්ඩෲ ඇක්වා ලයිට් ලෙසින් යළි සිනමා ලෝලීන්ට…
advertistmentadvertistment
advertistmentadvertistment