IMF නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙති

309

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂනායක කාර්යාලයේ දී පැවැතිණි. මෙම හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ඇතුළු පිරිසක් එක්වී ඇත.වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩිකර ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදී තිබේ.මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ගර්භණී කාන්තාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment