ආදිවාසීනුත් නැකතට හිස තෙල් ගස්වති

34

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්, දඹාන, කොටබකිණිය ගම්මානයේදී ඊයේ (16දා) උදෑසන සිදු කෙරිණි.

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසීන් අනුගමනය කරන අතර එහිදී ඔවුන් “හැක්ම“ සඳහා භාවිතා කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සඳහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසී ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරන ලබයි.

වසර පුරා රෝග පීඩාවලින් ආරක්ෂා කරදී නිරෝගි සුව ප්‍රාර්ථනා කිරීම මෙම හිස තෙල් ගෑමේ අලු‍ත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරීම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.

ආදිවාසී නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ආදිවාසී ගම්මානයේ පැවැති හිසතෙල් ගැල්වීමේ චාරිත්‍ර අවස්ථාව සඳහා ආදිවාසී ගම්මානයේ ආදිවාසීන් රැසක් හා සංචාරකයන් රැසක්ද එක්ව සිටියේය.

මහියංගණ – රංජිත් කරුණාවීර-

advertistmentadvertistment
advertistmentadvertistment