17 න් පහළ යූත් තරගාවලියේ ආරම්භක ජයග්‍රහණ මහනුවර සහ කොළඹට

127

2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් බිහි කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ උතුර සහ මහනුවර කණ්ඩායම් සමත් විය.

 ගාල්ල කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික

 ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායම ද කොළඹ දකුණට එරෙහි තරගයේදී ලකුණු 102 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම ද සමත් විය. දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා ලකුණු 194 කට සීමා වුණි. එම ඉලක්කය කඩුලු 7 ක් දැවී සපුරා ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ගාලු කණ්ඩායම වෙනුවෙන් දිනුර කලුපහන ලකුණු 56 ක් සහ සෙනිත හැළඹගේ ලකුණු 49 ක් ලබා ගත් අතර කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් කූජන පෙරේරා ලකුණු 51 ක් ලෙසින් පිත්තෙන් කැපී පෙනුණි.

 මේ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට රැස් කරන ලද ලකුණු 293 ක ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී කොළඹ දකුණ කණ්ඩායමට පන්දුවාර 37.1 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණි.

 මහනුවර පිල වෙනුවෙන් පුලිඳු පෙරේරා, ලක්වින් අබේසිංහ, ජයවි ලියනගම අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙද්දී කොළඹ දකුණ පිල වෙනුවෙන් උනෙත් පීරිස් ලකුණු 64 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ශෙෂාන් යෂෝන් ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 කොළඹ උතුර – ගාල්ල

 කොළඹ උතුරු පිලට කඩුලු 3 ක ජයක්

 ගාල්ල පන්දුවාර 48.5 කදී ලකුණු 194 යි – (දිනුර කලුපහන 56, රෙෂින් දිල්හාර 22, සෙනිත හැළඹගේ 49, සදෙව් ගමගේ 24, කූජන පෙරේරා 39/4, තනූෂ පලිහවඩන 29/2)

 කොළඹ උතුර පන්දුවාර 48.4 කදී කඩුලු 7 ට ලකුණු 195 යි – (කූජන පෙරේරා 51, සමිඳු මදුරංග 37, හිරාන් ජයසුන්දර 28, යිහස් තේනුවර 30, සෙනිත හැළඹගේ 39/3, සඳූ ඩිල්ෂාන් 29/2)

 කොළඹ දකුණ – මහනුවර

 මහනුවරට ලකුණු 102 ක ජයක්

 මහනුවර පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 293 යි – (පුලිඳු පෙරේරා 54, නිපුන් වඩුගේ 26, වතිල උදාර 26, ලක්වින් අබේසිංහ 54, ජයවි ලියනගම 52, තිසර ඒකනායක 22, මනුල කුලරත්න 21, ඉසුරු පන්නල 15, කවිඳු ඩයස් 38/3, රන්දීෂ බණ්ඩාර 60/2, විශ්ව ළහිරු 66/2)

 කොළඹ දකුණ පන්දුවාර 37.1 කදී ලකුණු 168 යි – (උනෙත් පීරිස් 64, රුසිත ජයවර්ධන 31, සිනෙත් ජයවර්ධන 20, රසඳු ගමගේ 14, ෂෙෂාන් යෂෝන් 17/4, ඩබ්. අකිල 51/2, මනුල කුලරත්න 37/2)

advertistmentadvertistment
advertistmentadvertistment