පොලිසියට කැත්ත ඉස්සූ සැකකරුට වෙඩි

456

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කලුවලගොඩ ප්‍රදේශයේදී ඊයේ (23දා) පස්වරුවේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කැක්තකින් පහර දීමට තැත් කළ අවස්ථාවේ පොලිසිය කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරිණි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පී. එච්. සඳුන් හෙවත් ‘ආමි සඳුන්’ නමැත්තෙකි. සැකකරු යුද හමුදාව හැර ගොස් ඇති මිනිමැරුම් චෝදනාවකට ලක්ව ඇත්තකු බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති පී. එල්. කීර්තිසිංහ මහතාගේ අධීක්‍ෂණය මත පරීක්‍ෂණ පැවැත්වේ.

ඇල්පිටිය – විදානාරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment