ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය කොවිඞ් නිසා අත්හරී

101

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු කොවිඞ් ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් ඉන්දියාවත් – එංගලන්තයත් අතර ඊයේ (10 දා) ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගය අවලංගු කර ඇත.

 තරග 5කින් යුතු ටෙස්ට් තරගාවලියේ පස්වැනි තරගය මෙසේ අවලංගු කරන ලද අතර ඒ අනුව තරග 2ක් ජයගත් ඉන්දියාවට තරගාවලි ජය හිමි වූ අතර තුන්වැනි තරගය එංගලන්තය ජයගනු ලැබීය. පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විණි.

 ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු රවී ශ‍්‍රාස්ති, පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් සහ පන්දු රැුකීමේ පුහුණුකරු ආර්. ශී‍්‍රධර් යන මහත්වරුන්ට මීට පෙර කොවිඞ් ආසාදනය වී තිබිණි.

 අනතුරුව කාර්ය මණ්ඩල සාමාජිකයකු කොවිඞ් ආසාදිත බවට පෙරේදා වාර්තා වූ අතර ඒ අනුව ඉන්දීය කාණ්ඩායම ඊයේ පුහුණු සැසියට පවා සහභාගි වී නොතිබිණි. ඉන්දීය කණ්ඩායමේ භෞත චිකිත්සකරවරයා වන යෝගේෂ් පාමර් මහතාට ද කොවිඞ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment