මෙහෙකාර දැරියගේ මරණයේ පරීක්ෂණ වලට නීතිපතිගෙන් කණ්ඩායමක්

179

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබේ.
ඒ අනුව මීට අදාළ නෛතික කටයුතු සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නීතිඥ මණ්ඩලයක් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment