අවිනිශ්චිතව සිටි වනිඳු නිශ්චිතවම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

610

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පිටත් වෙයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ආබාධයකට ලක්ව තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක සිටි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තරගාවලියෙන් ඉවත් කර ඇත.

වනිඳු වෙනුවට දුශාන් හේමන්ත තරගාවලියට එක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ද ඊයේ සවස වීම විශේෂ සිද්ධියකි.

කෙසේ වුවද වනිඳුගේ තත්ත්වය පසුකාලීනව සුබදායි තත්ත්වයට පත් වුවහොත් ඔහු වෙනත් අයෙකු වෙනුවට ආදේශ කළ හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය අදාළ සංචිතය ට හිමිව තිබේ.

ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට එක් වේ.

ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමි වී ඇත.

කඩුලු රකින්නන් ලෙස සදීර සමරවික්‍රම සහ කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ.

සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

  1. දසුන් ශානක – නායක
  2. කුසල් මෙන්ඩිස් – උපනායක
  3. කුසල් ජනිත් පෙරේරා
  4. දිමුත් කරුණාරත්න
  5. පැතුම් නිස්සංක
  6. චරිත් අසලංක
  7. ධනංජය ද සිල්වා
  8. සදීර සමරවික්‍රම
  9. දුනිත් වෙල්ලාලගේ
  10. කසුන් රාජිත
  11. මතීෂ පතිරණ
  12. ළහිරු කුමාර
  13. ඩිල්ෂාන් මධුෂංක
  14. දුශාන් හේමන්ත
  15. මහීෂ් තීක්ෂණ
  16. චාමික කරුණාරත්න (අතිරේක)

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment