විලියම් කුමරුත් ෂාරුක්ට පරදියි

421

ඇමෙරිකානු ටයිම්ස් සඟරාවේ පාඨක මත විමසීමකට අනුව 2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයන් අතර ප්‍රමුඛ ස්ථානයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත්ව තිබේ.

ෂාරුක් ඛාන් මෙම ස්ථානය දිනාගෙන ඇත්තේ විලියම් කුමරු, ෆේස්බුක් නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ටෙනිස් ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස් පරයා යමිනි.

ටයිම්ස් සඟරාව වාර්ෂිකව සිදුකරන මෙම පාඨක මත විමසීමට ලක්‍ෂ දොළහකට අධික පිරිසක් එක්වී තිබේ. එහිදී ප්‍රසිද්ධ නම් සඳහන් පිරිසක් අභිබවා ෂාරුක් ඛාන් සියයට හතරක වැඩි ප්‍රතිශතයකින් පළමු තැනට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment