හොර රන් කහවනු පල්ලේවෙල පොලිස් උපායේ පැටලෙයි

316

* හිටපු සෙබළෙකුගේ වැඩක්: ලක්‍ෂ 80කට විකුණන්න හදලා

පන්නල ප‍්‍රදේශයේ නිධානයකින් ලබාගත් රන් කාසි බව පවසමින් පුද්ගලයන් රවටා සිදුකළ ව්‍යාජ රන් කාසි ජාවාරමක් කොටුකර ගැනීමට පල්ලෙවෙල පොලිසිය ඉකුත් 20 වැනිදා සමත්ව ඇත.

පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ව්‍යාජ රන් කාසි 1304ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණි.

හොර රන් කහවනු  පල්ලේවෙල පොලිස්  උපායේ පැටලෙයි


පොලිස් උපාය දූතයකු යොදවා වේයන්ගොඩ බාඳුරාගොඩ මාර්ගයේ කැප්පෙටිවලාන ප‍්‍රදේශයේ දී සැකකරු සහ ව්‍යාජ රන් කාසි තොගය අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකි.

පොලිස් උපාය දූතයා මගින් ජාවාරම්කරුට ලබාදුන් දුරකථන ඇමතුමකදී ජාවාරම්කරු පවසා ඇත්තේ අනුරාධපුර ප‍්‍රදේශයේ නිධානයකින් ලබාගත් රන්කාසි කිලෝ දෙකක් තමා සතුව ඇති බවත් රුපියල් ලක්ෂ 80ක මුදලකට එම රන් කාසි අලෙවි කිරීමට කැමති බවත්ය. ඉතා සූක්ෂමව ක‍්‍රියාත්මක වූ පොලිසිය උපාය දූතයකු යොදවා සැකකරු හා ව්‍යාජ රන් කාසි තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වේයන්ගොඩ අතිරේක ඉන්දික තුෂාර,  වේයන්ගොඩ – සිරිමෙවන් පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment