ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයන් 241 දෙනෙක් යවලා…

85

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයන් විසි දෙදෙනකු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයන් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යවා තිබේ.

මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යැවූ ශ්‍රමිකයන් 241 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයන් 33 දෙනෙක් ද කාන්තා ශ්‍රමිකයන් 208 දෙනෙක් ද ඇතුළත් වේ.

මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී ශ්‍රමිකයන් 13 දෙනා බැගින් ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති අතර මාර්තු මාසයේදී ශ්‍රමිකයන් 12 දෙනෙක් පිටත් කර යවා තිබේ. අප්‍රේල් මාසයේදී සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රමිකයන් 39 දෙනෙක් යවා ඇති අතර මැයි මාසයේදී ශ්‍රමිකයන් 34 දෙනෙක් පිටත් කර යවා ඇත. ජුනි මාසයේදී ශ්‍රමිකයන් 40 දෙනෙක් ද, ජූලි මාසයේදී ශ්‍රමිකයන් 51 දෙනෙක් ද ඊශ්‍රායලය බලා පිටත් කර යවා ඇත.

අගෝස්තු මාසයේ මුල් සතියේදී පමණක් ශ්‍රමිකයන් 39 දෙනෙක් ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යවා ඇත.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම වේගවත් කිරීම සඳහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයන් බඳවා ගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ද සහතික විය.

advertistmentadvertistment
advertistmentadvertistment