අධික වේගයෙන් ගිය යතුරුපැදිය තාප්පයක හැපී උසස් පෙළ සිසුවා මියයයි

87

යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේදී යතුරු පැදියක් තාප්පයක ගැටීමෙන් එය පදවා ගෙන ගිය අවුරුදු 20 ක තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම 7 දා මියගොස් තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි ශංකර් සංජීවන් නමැති තරුණයෙකි.

ඔහු අධික වේගයෙන් යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති අතර එය ඔහුගේ පාලනයෙන් මිදී ලිස්සා යාම නිසා තාප්පයේ ගැටී තිබේ.

මියගිය තරුණයා අ.පොස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment