කරන්නාගොඩ නෝ කතා – අලුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද – ආණ්ඩුකාර වරම් ජනපති ප්‍රසාදය තිබෙන තෙක් පමණයි – දකුණේ ආණ්ඩුකාර විලී ගමගේ

254

ආණ්ඩුකාරවරයකුට සිය ධුරයේ රැඳී සිටිය හැක්කේ ජනාධිපතිවරයාගේ ප්‍රසාදය තිබෙන තෙක් පමණක් බවත් එයට අභියෝග කිරීමට කිසිවකුටවත් නොහැකි බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දීමක් කළහොත් වහාම ඉවත්විය යුතු බවත් එසේ දැනුම් දී තිබියදී තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ රැඳී සිටීමට නිත්‍යනුකූල අයිතියක් නොමැති බවත් ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.

මේ පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද කීවේය.

ජනාධිපතිවරයාගේ අකැමැත්තෙන් විනාඩියක්වත් ආණ්ඩුකාර ධුරයේ රැඳී සිටීමට ආණ්ඩුකාරවරයාට අයිතියක් නැහැ. ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වන ලෙස නිල වශයෙන් දැනුම් දීමක් කළහොත් අනිවාර්යයෙන්ම අපි ඉවත් විය යුතුයි. පත්වීම් බලධාරියා වන්නේ ජනාධිපතිතුමා.

ජනාධිපතිවරයා සිය අත්සන යටතේ හෝ අධිකාරි පත්‍රයක් යටතේ ආණ්ඩුකාරවරයා පත්කළ යුතු අතර, ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඇතිතාක් කල් 04(ආ) වන ව්‍යවස්ථානුකූලව ඔහු විසින් ධුරය දැරිය යුතු වන්නේය. ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ මේ අයුරින් බව ද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සඳහන් කළේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – හිනිදුම – රවීන්‍ද්‍ර චන්‍ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment