තැපෑලට ගිය අවුරුද්දේත් බිලියන 7ක පාඩුවක්

115

තැපැල් දෙපාර්තමේන්තුව 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 7.0ක පාඩුවක් ලබා ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 9.3ක් දක්වා සියයට 29.6කින් ඉහළ ගිය ද මෙහෙයුම් වියදම ද සියයට 15.3කින් ඉහළයෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙකී පාඩුව ලබා ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් වේ. තැපැල් දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 7.2ක පාඩුවක් වාර්තාකොට තිබුණි. කෙසේවුවද 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව සුළු වශයෙන් අඩුවී තිබුණි.

විදුලි සංදේශ ගාස්තු, දේශීය තැපැල් ගාස්තු, විදේශීය තැපැල් ගාස්තු, ඇතුළු අනිකුත් තැපැල් සේවා සඳහා අදාළ බොහෝ ගාස්තු ඉකුත් වසරේදී වැඩි කළ ද තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය දුර්වල මට්ටමක පැවැති බව මහ බැංකුව මගින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි. තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා විධිමත් පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කිරීම, තැපැල්සේවා ස්වයංක්‍රියකරණය කිරීම, සේවා විවිධාංගිකරණය, නවීන තාක්ෂණික ක්‍රම ඇතුළත් පුළුල් ක්‍රමවේදයක් තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය බැව් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment