පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු පෝලිමක්

229

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ ස්ථාන මාරු කිරීම් ඉදිරි දිනවලදී සිදුකිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්කිරීමෙන් පසු මෙම ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට නියමිතය. මෙම ස්ථාන මාරු අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිටින බව ද වාර්තා වෙයි. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ද ස්ථාන මාරුකිරීම් සිදුකිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment