විවාදය – මම සූදානම් – විපක්‍ෂ නායක සජිත්

653

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම් සේ තමා සමග තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් වාද විවාද සේම රටට සංවර්ධනයක් උදා කරන්නත් තමා සූදානම් බව සතුටින් ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර ර.දෙ.මි. පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment