‘අස්වැසුම’ තවත් ලක්‍ෂ 12කට දිය හැකියි

136

අස්වැසුම සහනාධාරය තවත් ලක්‍ෂ 12ක පමණ පිරිසකට ලබාදීමට හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පසුගියදා රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී දැනුම් දී ඇත.

අස්වැසුම ලබාගැනීමට මේ වනවිට ලක්‍ෂ 08ක ජනතාවක් සුදුසුකම් ලබා ඇති බවද එහිදී එම මණ්ඩලය හෙළිකර තිබේ. අස්වැසුම ප්‍රතිලාභ අහිමි වීම පිළිබඳව මේ වනවිට අභියාචනා ලක්‍ෂ 10කට අධික ප්‍රමාණයක් ලැබී ඇත.

මෙම අභියාචනා පරීක්‍ෂා කිරීමේ කටයුතුවලට ග්‍රාම නිලධාරීන් මැදිහත් වීම නුසුදුසු බව ග්‍රාමනිලධාරී සංගම් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර සමෘද්ධිය කපා දැමුවේය යන චෝදනාව ජනතාවගෙන් තමන් වෙත ලබාගැනීමට සූදානම් නැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස්විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment