ඇලෝසියස්ට රට යන්න අවසර නොලැබෙයි

312

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (21දා) බහුතර තීන්දුවකින් ප්‍රතික්ෂේප කළේය.

එම විත්තිකරු විදේශගත වුවහොත් නඩු කටයුතු සඳහා ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා දැක්වූ විරෝධතාව පිළිගත් අමල් රණරාජා හා ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ යන විනිසුරු දෙපළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම විත්තිකරුට විදේශගත වීමට අවසර ලබාදීමට තීන්දු කළේය.

අර්ජුන ඇලෝසියස් මහතා 2015.02.27 වැනි දා පැවැති මහ බැංකු බැඳුම්ක වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සිවුවන විත්තිකරු වේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment