ගෝඨාභය කොටු කරන යස්මින් සුකාගේ තුරුම්පු වරදියි

12128

හිටපු ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජන සංහාර චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා කළ ඉල්ලීම සිංගප්පූරු නීතිපති ලුසියන් වොන් ප්‍රතික්ෂේප කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ සිංගප්පූර් නීතිය යටතේ රාජපක්ෂ මහතා කිසිදු වරදක් නොකිරීම බව වාර්තා වී තිබේ. එසේම ශ්‍රී ලංකා රජය සහ ඉන්ටර්පෝල් සංවිධානය ද රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් කර නැත. පිටු 63ක පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් යස්මින් සුකා සිංගප්පූරු නීතිපති වෙත හදිසි පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද බේරුණේ එම නීතිය නිසාය.

හිටපු ශ්‍රී ලංකා ජනපතිවරයා තම ඥාතීන් ද ඝාතනය කළ බවට සිංගප්පූර් රිෆෝම් පක්ෂයේ නායක කෙනත් ජයරත්නම් ද සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක් යොමු කර තිබූ අතර ඊට සාක්ෂි ඉදිරිපත් කර නොතිබිණි.

ශ්‍රී ලංකාව තුළ දෙමළ ජන සංහාරයක් සිදු වී ඇති බවට විවිධ චෝදනා එල්ල වුවත් එවැන්නක් ගැන සාධක ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය තහවුරු කර නැතැයි හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ ද පවසා තිබිණි.

මේ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 11 දා යළි මෙරටට පැමිණෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment