මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි සංස්ථාව තදින්

259

ඉන්ධන මිල වැඩි නොකළහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ හා ති‍්‍රවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමේ තීරණයකට යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට අලෙවි කරන සෑම ඞීසල් ලීටරයකින් රුපියල් පනහක් ද, පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් ද වශයෙන් සංස්ථාවට පාඩුවක් සිදුවන බවද ඒ මහතා කීය.

ඒ අනුව සංස්ථාව දිනකට රුපියල් කෝටි තුන්සිය හැටපහකට වැඩි පාඩුවක් ලබන බවත් ඉන්ධන මිල වැඩි නොකළහොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් එකතුකර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවත් සුමිත් විජේසිංහ මහතා කීය.

එනිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් නොඑසේ නම් මේ මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතළ මූල්‍ය අර්බුදයකට යනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment