ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දරුණු කුණාටුවක්

202

ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ(30දා) කඩා වැදීමට නියමිතව තිබූ ‘ඉඩලියා’ කුණාටුව හේතුවෙන් ප්‍රාන්තයට අයත් පළාත් 67න් 28 ක වෙසෙන දස දහස් ගණනක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශ වෙත යන ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

මෙම කුණාටුව කඩා වැදීමත් සමගම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල අධික වැසි, දැඩි සුළං හා ජල ගැලීම් ඇති වන බවටත් සමහර ප්‍රදේශවල මුහුදු රළ අඩි 15 ක් දක්වා උසට නගිනු ඇතැයි කාලගුණ අංශ විසින් අනතුරු අඟවා තිබේ. ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ ප්‍රදේශවලින් බොහෝ නිවැසියන් ඊයේ දිනය වන විටත් සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් නොතිබීම නිසා ජීවිත හානි ඇති වීම වැළැක්වීම සඳහා අනතුරු ඇඟවීමට අනුව ක්‍රියා කරන්නැයි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment