ඩිජිටල් හා මහා විනාශකාරී ආයුධ මගින් සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කරලා – ජනාධිපති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී කියයි

60

නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් ද ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ දහනම වැනි රාජ්‍ය නායක සමුළුවේදී කීවේය.

“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ඊයේ (19දා) නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව ඇරඹිණි.

යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් කටයුතු කළ යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මහා බල ඉදිරිවාදිකම්වලට එරෙහි වන රාජ්‍යයන්ට කරන බලපෑම් වහාම නැවැත්වීමට නොබැඳි සමුළුව ක්‍රියා කළ යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment