මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත භාවය සම්බන්ධ දශක තුනක මෙහෙවර උදෙසා පිදුණු උපහාරයක් ලෙසද හැඳින්විය හැකි වේ.

“මෙය අප තිරසාරත්වය සහ වගකීම්සහගත බැංකුකරණය උදෙසා දක්වන කැපවීම නිරූපණය කරන ජයග්‍රහණයක්. පරිසරයේ හා සමාජයේ යහපත වෙනුවෙන් ඉටුකළ මෙහෙවර උදෙසා වසරේ හරිත සන්නාමය කාණ්ඩය යටතේ ඇගයීමට ලක්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. අපගේ ඉලක්කය වන්නේ, අපගේ 2030 තිරසාර ක්‍රමෝපාය පෙරදැරිව, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, පරිසරය, ආපදා සහන, වැඩිහිටි රැකවරණ සහ ව්‍යායාම වැනි කාර්යසාධන දර්ශක රැසකට අදාළ අරමුණු සාක්ෂාත් කරගැනීමයි. මෙහිදී හරිත මූල්‍යකරණය, තිරසාර ව්‍යවසායකත්වය සහ ඩිජිටල් සවිබලගැන්වීම මූලික කරගත් ව්‍යාපාර ආකෘතියක් ඔස්සේ, රටේ හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණය සම්බන්ධ ප්‍රමුඛතම බැංකුව මෙන්ම තිරසාරත්වය උදෙසා ඉහළම දායකත්වයක් ලබාදෙන බැංකුවක් බවට පත්වීමට අප උත්සාහ කරනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

පරිසරය වෙනුවෙන් සක්‍රීයව කැප වූ බැංකුවක් බව යළි තහවුරු කරමින් 2023 ජූලි මාසයේදී, ශ්‍රී ලංකාවේ Green Climate Fund (GCF) වෙතින් සහතිකකරණය හිමිකරගැනීමට සමත් වූ පළමු සහ එකම බැංකුව බවට පත්වීමට DFCC බැංකුව සමත් විය. Green Climate Fund යනු දේශගුණ යහපත වෙනුවෙන් කැපවුණු විශාලතම අරමුදලයි. මෙම සහතිකකරණය හිමි වීම මගින්, ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් අවම කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් දක්වා අරමුදල් සැපයීමට DFCC බැංකුවට හැකියාව ලැබී තිබේ. දැඩි විශ්ලේෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම සහතිකකරණය හිමිකර ගැනීමත් සමග, ලොව පුරා දේශගුණ බලපෑම් අවම කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැප වී සිටින සමාගම් හා ආයතන අතරට එක්වීමට DFCC බැංකුව සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment