මහජන බැංකුව 2024 නව වසරේ වැඩ අරඹයි

70

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන අයුරු.

මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙමින් 2024 නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් කොළඹ 02, මහජන බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙහිදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන ලදි. මීට අමතරව මෙදින සෙත් පිරිත් සඡ්ඣායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක්ද පැවැත්විණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයින්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින්, විශ්‍රාමික සේවක ප්‍රජාව හා කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලයද සේවා ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment