ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස්, කැළණියේ තම නිෂ්පාදන සංකීර්ණයේ මෙහෙයුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණුව සහ කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස රුපියල් මිලියන 475.97 ක් ආයෝජනය කරමින් වහලය මත සවිකරන සූර්ය පැනල බලාගාරයක් නිම කර ඇත.

රීගන් රිනීවබල්ස් පුද්ගලික ආයතනය විසින් කර්මාන්තශාලා වහලය මත සවිකර ඇති මෙගාවොට් 2.4 ක සූර්ය බලාගාරය එහි මෙහෙයුම් කාලය තුළ ගිගාවොට් පැය 59.61 ක් උත්පාදනය කරනු ඇති අතර, සියැට් ජාතික විදුලිබල පද්ධතියෙන් ලබා ගන්නා විදුලි අවශ්‍යතාවයෙන් 21%ක් පමණ අඩු කර ගනිමින්, විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ටොන් 42,326 ක ප්‍රමාණයක් ඉවත් කිරීමට දායක වන බව සමාගම පවසයි.

වර්ග අඩි 295,200 ක් වන සූර්ය පැනල පද්ධතිය 2023 දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වීම ආරම්භ කළ අතර එමගින් සමාගමේ වත්මන් නිෂ්පාදන පිරිවැයෙන් 13% ක් වන විදුලි බිල ද අඩු වනු ඇත.

සූර්ය පැනල, ඉන්වර්ටර්, ඇවිදීන මංතීරු, පවිත්‍රකරණ පද්ධති හා ලංකා විදුලි බල මණඩලයේ (ලංවිම) ජාල සම්බන්ධතාවය ලබා ගැනීමේ පිරිවැය යන සියල්ල සියැට් කැළණි සමාගමේ මෙම ආයෝජනය තුළ අන්තර්ගත විය.

advertistmentadvertistment
advertistmentadvertistment