ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

69

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.දිවා ආහාරයෙන් අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 320ක් ලබා සිටී.ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 96ක් පිටු පසින් පසුවෙයි.ධනංජය ද සිල්වා ලකුණු 98ක් රැස් කර ගත්තේය.ඊට අමතරව දිනේෂ් චන්දිමාල් 62,නායක දිමුත් කරුණාරත්න 51ද ලකුණු ලබා ගත්හ .තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 04කට ලකුණු 580ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි.කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 164ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment