රුසියාව අපට තෙල් දෙන්නේ කොහොමද?

321

රුසියාව ඉන්දියාවට සහ ශ‍්‍රී ලංකාවට අඩු මිලකට තෙල් ලබාදීම ඉදිරිපත් විය. මෙරට රුසියානු තානාපතිවරයා ඊට මැදිහත් විය. එහෙත් ශ‍්‍රී ලංකාවේ රජය ඊට කඩිනමින් ක‍්‍රියා කළේද? එසේ වූවත් ඉන්දියාවේ අයි. ඕ. සී සහ හින්දුස්තාන් පෙට්‍රෝලියම් කඩිනමින් ක‍්‍රියාත්මක වී තෙල් බැරල් බිලියන 3 ක් මිලයට ගනු ලැබීය. මේ රුසියානු තෙල් ඉන්දියාවේ වෙරළබඩට ගෙනැත් දෙන බව රුසියාව පළ කළේය. ඉන්දීය මාධ්‍ය පැවසූවේ ඩොලර් 25 ක් අඩුවෙන් තෙල් සැපයීමට රුසියාව ක‍්‍රියා කළ බවයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ බලධාරීන් තෙල් ලබාගැනීමට කඩිනමින් ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිලිය. තෙල් රැගත් නැව් වරායට පැමිණ ඇති බව රජය පැවසූවත් එම තෙල් සැපයුවේ කුමන රටින් ද යැයි අනාවරණය වී නැත.

මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය වසර 50 කට අධික කාලයක් රුසියාව සමග තානාපති සබඳතා ඇති කරගෙන සිටින ශ‍්‍රී ලංකාව රුසියාවෙන් තෙල් මිලට ගැනීමට ඉදිරිපත් නොවීමයි.

මෙයට වසර ගණකට පෙර ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක රජය තෙල් ජනසතු කළේය. ඒ නිසා මෙරට සිටි ෂෙල්, කැල්ටෙක්ස් සහ එසෝ සමාගම් රටින් පිටව ගියේය. එකී බැරෑරුම් අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට තෙල් සැපයීමට මැද පෙරදිග රටවල් ඉදිරිපත් වූයේ නැත. එදා මෙරටට ලොව විශාලතම තෙල් සපයන 3 වැනි නිෂ්පාදකයාවූ රුසියාව තෙල් සැපයූ බව අප අමතක කර ඇත.

රුසියානු රජය සමග සාකච්ඡා කර තෙල් සැපයුම කඩිනමින් ලබාගැනීමට රජයට හැකිය. මෑතකදී රජය රුසියාවෙන් ණයක් ලබා ගත්තේය. වන්නි මෙහෙයුමේදී රුසියානු රජය ටී. 72 යුද ටැංකි එම්. අයි. 17 හෙලිකොප්ටර් සහ බර යුද ටැංකි සැපයීමෙන් ශ‍්‍රී ලංකාවට සහාය විය.

මේ තත්ත්වය මත යුක්රේන ආක‍්‍රමණය රුසියානු යුක්රේන අභ්‍යන්තර ප‍්‍රශ්නයකි. එය විසඳා ගත යුත්තේ එම දෙරටේ නායකයන්ය. මේ අතර බටහිර රටවලට පක්‍ෂපාතී රටවල් ශ‍්‍රී ලංකාව යුක්රේනයට සහාය නොදැක්වීම ගැන කම්පාවට පත් වී ඇත. එහෙත් පසුගිය කාලයේ මානව හිමිකම් සමුළුව තුළ ශ‍්‍රී ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍යය සමග එක්ව ඡන්දය පාවිච්චි කළේ යුක්රේනයයි. එසේ වුවත් ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් වැඩිදෙනා ඒ බව නොදනී. මේ තත්ත්වය මත රුසියාවෙන් තෙල් ලබාගැනීම වරදක් ලෙස සමහර පාර්ශ්ව පැවසීමට ඉඩ ඇත.

එහෙත් යුගෝස්ලාවියාව බිඳ දැමූයේ ඇමෙරිකාව සහ බටහිර රටවල්ය. ඉරාක සහ ලිබියානු ආක‍්‍රමණ සිදුවිය. සර්බියාවට නේටෝ සංවිධානය ප‍්‍රහාර එල්ල කළේය. මේ ප‍්‍රහාර සිදුවන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාසිටියේය. සී. එන්. එන්. සී. බී. සී. ෆොක්ස් ඇතුළු බටහිර මාධ්‍ය එම රටවල යුද මෙහෙයුම්වලට ප‍්‍රචාරය දුන්නා මිස අනාථයන් ගැන හඬ නැඟුවේ නැත.

එසේම ඉරාක සෙබළුන් වැලියට වළලා දැමීමට ඇමෙරිකානු යුද ටැංකි ක‍්‍රියා කිරීම යුද අපරාධයක් වූවත් ඒ ගැන පියවරක් ගත්තේ නැත.

ඇමෙරිකාව ජපානයට පරමාණු බෝම්බ දැමීය. වියට්නාමයට ඔරේන්ජ් නැමැති විෂ වායුව දමා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරාදැමීය. මේ සිදුවීම් ගැන ඇමෙරිකාව කිසි දිනෙක වරදකරු වූයේ නැත. ඇමෙරිකානු ඉතිහාසය පවසන්නේ ඒබ‍්‍රහම් ලින්කන්ද යුද අපරාධ කළ බවයි. ලින්කන්ගේ ප‍්‍රධාන සෙනෙවියා වූ ජෙනරාල් ලී ට ද යුද අපරාධ චෝදනා එල්ල විය. අයිසන් හවර් සෙනවියාට ද යුද අපරාධ චෝදනා එල්ල වී තිබුණි. එහෙත් ඇමෙරිකානු කොංග‍්‍රසය රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් එකවරම යුද අපරාධකරුවකු ලෙස නම් කරනු ලැබීය. බහු ජාතික සමාගම් මෙරටින් ගියාට පසු ශී‍්‍ර ලංකාවට තෙල් සැපයුවේ රුසියාවයි. අද පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකනයෙන් සියයට 95 ක්ම මේ බව නොදනී. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම නිසා රුසියාවේ තෙල් අතිරික්තයක් ඇති වී තිබේ. රුසියාව තෙල් නිෂ්පාදනය අතින් ලොව තෙවැනි නිෂ්පාදකයා යැයි හෙළිවී තිබේ. එසේම මේ තෙල් මිලට ගත්තේ කවුද?

  1. ඇමෙරිකානු ප‍්‍රමුඛ බටහිර රටවල්
  2. රුසියානු තෙල් සමාගම්වල කාර්යාල විදේශ රටවල ස්ථානගත වී තිබීම

3 රුසියානු තෙල් සමාගම් හිමියන් රැසකගේ මුදල් ස්විස් බැංකුවල තිබීම

මේ අතර තෙල් අපනයනයට බටහිර රටවල් සම්බාධක පනවා නැත. එසේම මේ සම්බන්ධක එක්සත් ජාතීන්ගේ සම්බාධක නොවේ. ශ‍්‍රී ලංකාව එකඟවිය යුත්තේ එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට පමණකි.

රුසියාව අපට තෙල් දෙන්නේ කොහොමද?

රුසියාව චීනයට ද තෙල් අලෙවි කරයි. මෙවන් පසුබිමක් මැද ඉන්දියාව අවස්ථාවෙන් ප‍්‍රයෝජනයට ගත්තේය. ඉන්දීය තෙල් සමාගම් වූ අයි. ඕ. සී. සහ හින්දුස්තාන පෙට්‍රෝලියම් රුසියාවෙන්් තෙල් බැරල් මිලියන 3 ක් මිලියට ගැනීමෙනි. එම තෙල් ඉන්දියාවේ වෙරළබඩ වෙත ගෙනත් දීමට රුසියාව එක`ග වී ඇත. කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පැවසූවේ මෙරට රුසියානු තානාපතිවරයා ශ‍්‍රී ලංකාවට තෙල් ලබාදීමට ක‍්‍රියාත්මක වන බවයි.

මෙයට වසර ගණනාවකට පෙර රුසියාව ශ‍්‍රී ලංකාවට ටයර් කම්හලක් ලබා දුන්නේය. එහෙත් රට ගැන හැඟීමක් නැති දේශපාලකයන් කැලණි ටයර් කම්හල ඉන්දීය සියැට් සමාගමට වික්කේය. එවකට පැවැති හොඳම ටයරය කැලණි ටයරයයි. අද ශ‍්‍රී ලංකාවට කැලණි ටයරය අහිමි විය. එය වෙළෙඳපොළට එන්නේ සියැට් ලෙසිනි. මේ පසුබිම මැද රුසියාව සමග නොකඩවා තෙල් ලබාගැනීමට රජය ගිවිසුමකට නොඑන්නේ මන්ද?

යුද අපරාධ සහ සම්බාධක සම්බන්ධව බටහිර රටවලදී අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. එහෙත් ඒ පිළිබඳව අභියෝගයක් එල්ල වී නැත. මේ පසුබිම මැද රුසියාව විසින් ඉන්දීය අයි ඕසී සමාගමට විකුණූ තෙල් එම සමාගම අපට විකිණීමට ක‍්‍රියාකරනු ඇතැයි සැලකිය හැකිය.

අයි. ඕ. සී, තෙල් මෙරටට ලබාගැනීමට යන බවට පසුගියදා වාර්තා විය. එසේම ඉන්දියාවෙන් අපේ තෙල් ටැංකි 87ක් ආපසු ලබාගත් බවට පුවතක් වාර්තා විය. එසේ නම් රුසියානු තෙල් ගබඩා කර ගැනීමේ හැකියාවක් පවතී. එහෙත් රුසියාවෙන් ලබාගන්නා තෙල් අපේ තෙල් ටැංකිවල හදිසියක් වුවොත් ප‍්‍රයෝජනයට ගැනීමට තැන්පත් කරලීමේ වැඩපිළිවෙළක් තිබේද?

මෙයට වසර ගණනකට පෙර චීනවරායේ පිහිටි ශ‍්‍රී ලංකාවේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට එදා පැවැති රජය ක‍්‍රියා කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ තෙල් ලාභෙට ඇති සමයන්හි තෙල් මිලයට ගෙන ගබඩා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වීමය. මේ නිසා අද පවතින තෙල් අර්බුදයට වගකිව යුත්තේ අදූරදර්ශී දේශපාලකයන්ය.

මෙයට වසර ගණනකට පෙර සිටි රන්ජන් විජේරත්න හමුවීමට ඉන්දීය තානාපතිතුමා පැමිණියේය. ශ‍්‍රී ලංකා යුද හමුදාපතිට මරුති ජීප්රථ මිලයට ගන්නා ලෙස බලකිරීමට ඔහු පැමිණ සිටියේය. එම අවසරය දෙනතුරු තානාපතිවරයා පිටව ගියේ නැත. ඉන් පිළිඹිබු වූයේ ඉන්දීය තානාපතිවරයා තම රට කෙරේ සහ රටේ නිෂ්පාදනය අලෙවි කර ගැනීමට දැරූ උත්සාහයයයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ එවැන්නක් සිදුවේද? ඉන්දීය දේශපාලකයන් තම රටේ නිපද වූ ඇම්බසිඩර් මෝටර් රථ භාවිතකරද්දී අපේ අයට අවශ්‍ය වූයේ ජපන් ප‍්‍රාඩෝරථයයි.

තෙල් අර්බුදය ගැන හඬනඟ පාර්ශ්ව මේ කරුණු ගැන නොසිතන්නේ මන්ද? ලංගමයට ජපානයෙන් ඉසුසු සුපිරි බස්රථ ආනයනය කළේ මෙරට දේශපාලකයෙකි. තවත් දේශපාලකයෙක් මෙරට දේශීය ලෙස මෝටර් රථ නිපදවීමේ අවසරය දුන්නේ නැත.

නත්තල් සමයේ ඔස්ටේ‍්‍රලියාවෙන් බෘදර් කේක්ද මෙරටට ආනයනය කෙරුණි. විදේශ රටවල සිට ටොනික් බීම ද ඩුබායි සිට පොප්කෝන්ද මෙරටට ආනයනය කරන්නෙ නම් රටේ ඩොලර් සංචිතය වැඩිවේද?

කොටිඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට ඩොලර් සංචිත වැඩිවීම වැළැක්වීම වාර්තා කිරීම සඳහා උන්ඩියල් මුදල් හුවමාරු ක‍්‍රමය දියත් කර තිබේ. උන්ඩියල් ඒජන්තවරු රටවල් රැසක සිටින අතර එම ජාලය පුළුල්ව ක‍්‍රියාත්මක වේ. මේ බව රටේ බලධාරීන් දන්නේ නැත. උන්ඩියල් යටතේ ඩොලර් මාරු කරන්නන්ට වැඩි මුදලක් හිමිවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment