සෙල්ෆියක් ගන්න ගිහින් මුහුදට බිලිවූ බිරිඳගේ සිරුර සොයා දෙන්නැයි සැමියා ඉල්ලයි

333

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් පසුගිය ජුනි 09 දා කිරින්ද මුහුදට වැටී රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ තම බිරිඳගේ මළසිරුර සොයා දෙන්නැයි ඇයගේ සැමියා හා පවුලේ ඥාතීහු පොලිසියෙන් ඉල්ලා සිටිති.

කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සිටියදී එම පිරිසේ සිටි තම බිරිඳ හා ඇයගේ මිතුරිය සෙල්ෆි ඡායා රූපයක් ගැනීමට ගලක් උඩට නැඟ සිටියදී රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගිය බවත්, ඇය අතුරුදන් වී දැනට මාසයකට ආසන්න බවත් ඔහු කියයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බිබිල, සීනිගොඩ එගොඩගම, කුඹුක්ගොල්ල යන ලිපිනයේ පදිංචි දහඅට හැවිරිදි විවාහක තරුණියකි. ඇය විවාහ වී මාස හයකි. අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා කිරින්ද පොලිසිය, කිරින්ද නාවික හමුදා කඳවුරේ නිලධාරින් සමග එක්ව විශේෂ මෙහෙයුමක් සිදුකළද ඇයගේ මළසිරුර මෙතෙක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment