මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාෂා පුහුණුව හා රැකියා ලබාදීම අපේ ඉලක්කයයි – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල්

56

අපේ ඉලක්කය මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාශා පුහුණුව හා රැකියා ලබාදීම මගින් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම යැයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල් මහතා පැවසීය

අපේ ඉලක්කය මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාශා පුහුණුව හා රැකියා ලබාදීම මගින් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම යැයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල් මහතා පැවසීය.

මෙතෙක් කලක් පැවතුණු නුපුහණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීම වෙනුවට දැනුමින් වෘත්තියෙන් සන්නද්ධ උන පුද්ගලයෙක් විදේශ ගතකරන්න අවශ්‍ය සියලු‍ම කාර්යයන් සමෘද්ධි අධිකාරිය හරහා ලබාදෙන්න වැඩසටහනක් අපි ආරම්භ කලා යැයිද අනූප පස්කුවල් මහතා කියා සිටියේය.

ඒ සඳහා දැනට අපි දීප ව්‍යාප්තව ජපන් භාශා පුහුණු වැඩසටනක් ආරම්භ කර තිබෙන බවත් මූලික අදියරේදි යාපනේ සිට ගාල්ල දක්වා පුහුණු මද්‍යස්ථාන 19කදී දරුවන් පිරිසකට භාශා පුහුණුව ලබාදීල අනිකුත් ජපන් භාශා පුහුණු ආයතන අභිභවා ගිහින් දරුවන් 150 දෙනෙකුට ජපන් රැකියා අවස්ථා ලබාදෙන්න අපිට හැකියාව ලැබුණ බවත් ගිය වර්ෂයේ ගුරුවරු 10 දෙනෙකු සම්බන්ධ වුණ මෙම වැඩසටහන මේ වර්ෂයේදී ගුරුවරු 40කට අධික ප්‍රමාණයකින් වැඩිවී තිබෙන බවත් කී පස්කුවල් මහතා යැයිද කියා සිටියේය.

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල් මහතා මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික් සමෘද්ධි බැංකු හා මහ සභා ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනූප පස්කුවල් මහතා-

වෘත්තීය පුහුණු වැඩසටහන සදහා අපි චීනය සමග ගිවිසුම් ගතවෙලා සවිබලගැන්වීම නව මානයකට අරන්‍ යන්න අවශ්‍ය මූලික අඩිතාලම ආරම්භ කරල තියෙනවා. චීනයේ ත්‍රී ගෝජස් කියන වෘත්තීය පුහුණු ආයතන එක්ක අපි ගිවිසුම් ගතවෙලා තියෙනවා ශ්‍රී ලාංකික දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන්න. සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ඔවුන්ගෙ කාර්යාලයක් ආරම්භ කරන්න සියලු‍ම කටයුතු මේ වනවිටත් සුදානම්. කළුතර දිස්ත්‍රික්කය සහ චීනයේ දිස්ත්‍රික්කයක් අතරෙ ගිවිසුමක් අත්සන් කලා කළුතර දිස්ත්‍රික්කය ආදර්ශ දිස්ත්‍රික්කයක් විදිහට දියුණු කරන්න.

මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාෂා පුහුණුව හා රැකියා ලබාදීම අපේ ඉලක්කයයි - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල්

මෙම වෘත්තීය පුහුණු වැඩසටහනේදි කෘශිකර්මාන්තය, ග්‍රාමීය කර්මාන්ත, පන්සල මූලික සංවර්ධනය ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. අපි ඔවුන්ගෙන් ආධාර නෙවෙයි බලාපොරොත්තු වෙන්නෙ. ආයෝජනය මත සංවර්ධනය තමයි අපේ ඉලක්කය. අපි අපි ගැන විශ්වාසය හා අභිමානයයි ගොඩනගාගන්න ඕනෙ. තාක්ෂණය හා ආයෝජනය නොමිලේ ලබාගෙන රට දියුණු කල හැක කියන චින්තනය තමයි රෝපණය කල යුත්තෙ.

ප්‍රභාශ්වර මනස අවදිකරන්න ඕනෙ ඒ ආකාරයට.

අපේ දෙවැනි ඉලක්කය තමයි කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය අනුව දියුණු කිරීම. වගාකලහැකි සෑම බිම් අඟලක්ම අපි වගාකරන්න ඕනෙ. මුඩු බිම් හැටියට කැලයෙන් වැසිල තියෙන සියලු‍ම ඉඩම් රජයට පවරගෙන සංවර්ධන ව්‍යාපෘතිවලට හා කෘශිකර්මාන්තය සඳහා යොදාගන්න ඕනෙ කියල මං පාර්ලිමේන්තුවට යෝජනාවකුත් ඉදිරිපත් කරල තියෙන්නෙ. කලට වැසි වසින කාල විසිකරන ඇටයක් ඕනෑම තැනක පැලවෙන මේ රටේ සීමිත භූමියෙන් අසීමිත ප්‍රයෝජන ගන්න ඕනේ. පෙරදිග ධාන්‍යාගාරය නැවත සක්‍රීය කිරීමේ වගකීම සමෘද්ධි ව්‍යාපාරය තම කරමතට ගන්න ඕනෙ කාලය තමයි මේ එළැඹී තියෙන්නෙ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සවිබලගැන්වීමේ කාර්‍යය එක්ක අපි කරන්න ආරම්භ කරල තියෙන්නෙ. සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘති යටතේ තේ, කුරුඳු, ගම්මිරිස් ආදී බෝග වගා ගම්මාන ආරම්භ කරල තියෙනව. ඔවුන්ට අවශ්‍ය පැළ නොමිලේ ලබාදීමට අපි කටයුතු කරනවා .ඒව වැඩිදියුණු කරන්න අවශ්‍ය තාක්ෂණය අපි ඔවුන්ට ලබා දෙනවා . ප්‍රධානම දේ විදිහට ඔවුන්ගේ නිෂ්පාදන විකුණා ගැනීම සඳහා වෙළඳපළ සොයා බලා සකස් කර දෙන්න අපි කටයුතු කරනවා.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment